හෙද නිලධාරින් අද දහවල් විරෝධතාවයක

දිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට අද (27) දින පැය කාලයක් විරෝධතා ක්‍රියාමාර්ගවල නිරතවීමට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ, අත්තනෝමතික ලෙස මෙවර අයවැය මඟින් දීමනා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින්.
ඒ අනුව පස්වරු 12.00 සිට 01.00 දක්වා දිවා ආහාර පැය තුළ ඔවුන් එම විරෝධතාවයේ නිතර වනු ඇති.
ඉන් රෝහල් කටයුතුවලට බාධාවක් එල්ල නොවන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් සඳහන් කළා.