ග්‍රැන්ඩ්පාස්හි පිහි ඇනුමක් – තුනකට බරපතලයි.!

ග්‍රැන්ඩ්පාස්හි පිහි ඇනුමක් – තුනකට බරපතලයි.!

කොළඹ – ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයේ සිදු වූ පිහි ඇනුමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පෞද්ගලික ආරවුලක් ඊට හේතුව බවයි, පොලිසිය සඳහන් කළේ.

අද (26) පස්වරුවේ දෙපිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාම අදාළ සිද්ධියට හේතුව වනවා.

මෙම පිහි ඇනුමින් තුවාල ලැබූ පුද්ගලයින් මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

ඔවුන්ගේ තත්ත්වය බරපතළ බවටයි, තොරතුරු වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රැන්ඩ්පාස් විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Share This