මැට් කුහ්නමන්ගේ පන්දු යැවීමේ ඉරියව්වේ වරදක් නැහැ

මැට් කුහ්නමන්ගේ පන්දු යැවීමේ ඉරියව්වේ වරදක් නැහැ

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක මැට් කුහ්නමන්ගේ පන්දු යැවීමේ ඉදිරියව්ව නිවැරදි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසනවා.

ඒ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයකින් අනතුරුවයි, ඔවුන් මේ බව නිවේදනය කළේ.

ශ්‍රී ලංකාව සමඟ පැවැති ටෙස්ට් තරගාවලියේදී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව විනිසුරුවරුන් ප්‍රකාශ කළා.

ඒ අනුව මැතිව් කුහ්නමන් පසුගිය සතියේ බ්‍රිස්බේන්හිදී පන්දු යැවීමේ පරීක්ෂණයකට මුහුණ දුන් බව සඳහන්.

එහිදී අනාවරණවී ඇත්තේ, ඔහුගේ පන්දුයැවීමේ ඉරියව්ව නිවැරදි බවයි.

Share This