කොස්ගොඩ වෙඩි තැබීමක් ?

කොස්ගොඩ වෙඩි තැබීමක් ?

කොස්ගොඩ පොලිස් වසමේ මහ ඉඳුරුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඉලක්ක කර සිදුකළ වෙඩි තැබීමක් ව්‍යර්ථ වී තිබෙනවා.

යතුරු පැදියකින් පැමිණි නන්නාඳුන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඉඳුරුව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී සහ නිවස තුළට පැමිණ නිවසේ සිටි පුද්ගලයෙකු ඉලක්ක කර  වෙඩි තැබීමට උත්සහ කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් එම අවස්ථාවේදී සැකකරුගේ ගිනි අවිය ක්‍රියාත්මක වී නැහැ.

ඒ හේතුවෙන් කිසිඳු ජීවිත හා දේපල හානියක් සිදුව නොමැති බවයි පොලීසිය පැවසුවේ.

අදාළ නිවස ආසන්න ප්‍රදේශයේ තිබී අපරාධය සඳහා යොදා ගන්නා ලද ගිනි අවිය බවට සැක කෙරෙන පිස්තෝල වර්ගයේ ගිනි අවියක් හමු වී ඇති බවද වාර්තා වනවා.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොස්ගොඩ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Share This