ඉන්ස්ටග්‍රෑම් සාදයක් වටලා 57 දෙනෙක් අත්අඩංගුවට

ඉන්ස්ටග්‍රෑම් සාදයක් වටලා 57 දෙනෙක් අත්අඩංගුවට

නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිත කරමින් උස්වැටකෙයියාව ප්‍රදේශයේ හෝටලයක් තුළ පැවැති සාදයක් වටලා 57 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පමුණුගම පොලිසිය විසින්.

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ අදාළ සාදය සංවිධාන කර තිබූ බවටයි මූලික විමර්ශනවලදී අනාවරණවී ඇත්තේ.

මෙම සාදයට සහභාගී වූ තරුණ තරුණියන් සතුව තිබූ අයිස් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 200ක් සමඟ හෝටලයේ හිමිකරු ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් පමුණුගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

 

Share This