ස්පාඤ්ඤ ගංවතුරෙන් අතුරුදන් වූවන් සොයා මෙහෙයුම්: භූගත රථගාල් සහ උමං මාර්ග කෙරෙහි වැඩි අවදානය

ස්පාඤ්ඤ ගංවතුරෙන් අතුරුදන් වූවන් සොයා මෙහෙයුම්: භූගත රථගාල් සහ උමං මාර්ග කෙරෙහි වැඩි අවදානය

පසුගිය සතියේ ස්පාඤ්ඤයට බලපෑ දරුණු ගංවතුර තත්ත්වය හමුවේ අතුරුදන් වූවන් සෙවීම සඳහා ගලවාගැනීම්කරුවන් මේ වන විට අවදානය යොමුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වසර කිහිපයකට පසුව එරටට බලපෑ ධාරානිපාත වර්ෂාව හමුවේ ඇති වූ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 217 ක් වන බව සඳහන්.

ජලය බැස යන තෙක් ඉන් අතුරුදන් වූවන් සෙවීම දුෂ්කර වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා මීට ඉහත පෙන්වා දුන්නේ.

ඒ අනුව මේ වන විට වාහන දහස් ගණනක් නවතා තිබූ ඇල්ඩායා නගරයේ රථගාලක්, අතුරුදන් වූවන් සෙවීමේ ප්‍රධාන සෝදිසි කේන්ද්‍රස්ථානය වී ඇති බව සඳහන්.

කෙසේ නමුත් ගලවා ගැනීමේ කණ්ඩායම් තවමත් කිසිදු මළ සිරුරක් සොයාගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

තත්ත්වය එසේ වුවද භූගත රථගාල, ගරාජ, උමං මාර්ග යනාදිය මේ වන විටත් සෝදිසි කරමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This