සහස්පුරට පොලිසියක් – ජාවාරම්කරුවන් රත්වෙයි

බොරැල්ල පොලිස් බල ප්‍රදේශයේ සහස්පුර මහල් නිවාස සංකීර්ණයේ සහ ඩම්පෙක වත්ත වනාතමුල්ල යන ප්‍රදේශ ආවරණය වන පරිදි පොලිස් ස්ථානයක්.
මෙම පොලිස් ස්ථානය ආරම්භ කිරීමට 2026 තුන්වන මස නියමිතය.කොළඹ දකුණ කොට්ඨාස භාර නිළධාරී ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරියබණ්ඩාර මහතා විසින් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් කර ඇත.
බොරැල්ල පොලිස් බල ප්‍රදේශයේ සහස්පුර නිවාස සංකීර්ණය හා ඒ අවට සිටින ජනතාවගේ සහ කුඩා දරුවන්ගේ ඉල්ලීම මත මේ ප්‍රදේශයේ පාතාල කල්ලි දෙකක් අතර මත්ද්‍රව්‍ය ආරවුලක් මුල්කොටගෙන එකිනෙකා වෙඩිතබා මිනිස් ජීවිත නසනවා වෙනුවට මත්ද්‍රව්‍ය ජාවාරම් නීතීවිරෝධී ක්‍රියා සංවිධානාත්මක අපරාධකරුවන් ගැවසීම මිනිස් ජීවිත බිලිගන්නවා සේම මත්ද්‍රව්‍ය නිසා තරුණ ජීවිත විශාල වශයෙන් විනාශ වී යන මොහොතක බොරැල්ල පොලීසියට අභියෝගයක් මෙය ආවරණය කිරීමට බොරැල්ල පොලිසියට දැනට තිබෙන පොලිස් මුරපල ප්‍රමාණවත් නොමැත.
ඒ නිසාවෙන් පොලීසියක් ස්ථපිත කිරීම සදහා ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කරන ලෙස ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
මෙයට පිළිතුරු දුන් පොලිස්පතිතුමා එතුමාගේත් සම්පූර්ණ අවධානය යොමු කරමින් ලබන මස පොලිස් ස්ථානයක් ස්ථාපිත කිරීම සදහා පූර්ණ අනුමැතිය ලබාදුන් අතර මේ සම්බන්දයෙන් එම ප්‍රදේශයේ සිටින ජනතාව දාහකට වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ අත්සනින් යුත් ලිපියක්ද බාර දී ඇත.
එවැනි මොහොතක මත්ද්‍රව්‍ය ජාලයේ කැළඹීමක් සිදු වී ඇත.ඒ නිසාවෙන් මෙය කඩාකප්පල් කිරීම සදහා සමාජ මාධ්‍ය භාවිතා කරමින් ඇතැම් වීඩියෝ සහ පෝස්ට් යොමුකරමින් ජනතාව නොමග යැවීමට උත්සහ දරයි. රුහිරු අප කළ ගවේෂණයකදී මෙම ප්‍රදේශයේ ජනතාව අපහට පවසන්නේ,”පොලිසියක් ලබාදෙනවා නම් අපට අපේ දරුවන් සමග නිදහසේ ජීවත්වන්නට පුළුවන්”
බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුමාර මහතා සහ සහස්පුර පොලිස් මුරපොල ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් එදිරිවීර මහතා ඇතුළු නිළධාරීන් විසින් මෙම ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත්
අපට අවසන්වරට කීමට ඇත්තේ ” ගරු පොලිස්පතුතුම නි,ඔබතුමා ගත් තීරණය මෙම ප්‍රදේශයේ යුක්තිගරුක ජනතාව ඔබතුමා ඉදිරියේ කෙලින් හිටගන්නවා නොඅනුමානයි.හෙට අනාගතය භාරගන්න ඉන්න දුවා දරුවන්ගේ ජීව්ත සහ මිනිස් ජීවිත මෙම පොලිස් ස්ථානය ආරම්භ කිරීමෙන් යහපත් වනු ඇත.
