සමලිංගික සම්බන්ධකම් තිබුණොත් ජීවිත කාලයටම හිරේ

Uganda's President Museveni confirms bid to extend nearly 40-year rule | Elections News | Al Jazeera

සමලිංගික සබඳතාවක් පැවැත්වුවොත් ජීවිතාන්තය දක්වාම හිරේ යන්න සිද්ධ වෙන රටක් ගැන ඔයා කලින් අහලා තියෙනවද? උගන්ඩාව 🇺🇬 කියන්නේ මේ වෙද්දී ලෝකයේ ඒ වගේ දැඩිම නීති ක්‍රියාත්මක වෙන එක රටක්.

ජනාධිපති යොවේරි මුසෙවේනි විසින් අත්සන් කරපු මේ අලුත්ම නීතිය හරහා, සමලිංගික සබඳතා පවත්වන අයට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරන්නත්, ඇතැම් බරපතළ අවස්ථා වලදී ඊටත් වඩා උපරිම දඬුවම් දෙන්නත් තීරණය කරලා තියෙනවා. මේ රටේ කලින් ඉඳන්ම සමලිංගිකත්වය නීතිවිරෝධී වුණත්, මේ අලුත් නීතියත් එක්ක දඬුවම් තවත් දැඩි වෙලා.

මෙම තීරණය නිසා සමාජය තුළ විශාල බියක් ඇතිවෙලා තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධාන පවා මේ ගැන කනස්සල්ල පළ කරලා තියෙන්නේ, මේ තත්ත්වය නිසා HIV වගේ රෝග පාලනය කිරීමේ කටයුතු වලට බරපතළ බාධා එල්ල වෙන්න පුළුවන් නිසයි. හැබැයි එරට බලධාරීන් නම් කියන්නේ මේක තමන්ගේ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කරගන්න ගත්තු තීරණයක් කියලයි.

Share This