සතියකින් න්‍යෂ්ටික බෝම්බයක් – ට්‍රම්ප් නියෝජිතගෙන් රතු නිවේදනයක්

ඉරානය න්‍යෂ්ටික බෝම්බයක් නිපදවීමේ මට්ටමට යුරේනියම් බලගැන්වීම සතියක් තුල සිදුවිය හැකි බව ඇමරිකානු ජනාධිපති වරයාගේ විශේෂ නියෝජිත ස්ටීව් වින්කොෆ් ප්‍රකාශ කර ඇත. FOX news නාලිකාව වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඉරානයේ 60 % දක්වා යුරේනියම් බල ගන්වා ඇතිබවත් එය සිවිල් බලශක්ති අවශ්‍යතා සඳහා අවශ්‍ය මට්ටම ඉක්මවාගොස් ඇති බවයි.

මේ අනුව නිසැකවම ඉරානය න්‍යෂ්ටික අවියක් නිපදවීමේ ක්‍රියාවලියේ නිරතව ඇති බව ඔහු විසින් පැහැදිලි කර ඇත. රහසිගතව මෙම මෙහෙයුම් සිදුවන බවට බුද්ධි අංශ වාර්තා පවතින බැවින් වර්ධනය වන තත්වයන් ඉතාමත් භයානක බව ඔහු විසින් පවසා ඇත. න්‍යෂ්ටික අවියක් සෑදීමට අවශ්‍ය යූරේනියම් සෑදීමට ඉරානයට සතියක පමණ කාලයක් ගතවිය හැකි බවත් එය වැළැක්වීම සඳහා ඕනෑම පියවරක් ගැනීමට සිදු විය හැකි බව වින්කොෆ් විසින් පවසා ඇත.

මේ පිළිබඳව ඇමරිකානු ජනාධිපති වරයා පැහැදිලිව දැන සිටින අතර තමන්ට සහ ජෙරල්ඩ් කුච්නර් වෙත මේ පිළිබඳ උපදෙස් ලබාදී ඇති බවද වින්කොෆ් විසින් හෙළි කර ඇත.

ඉරානයට න්‍යෂ්ටික අවියක් තිබීම නිසා සමස්ත ලෝකයම අවධානමකට ලක් කර ඇති බව ඔහු විසින් තවදුරටත් පෙන්වා දී ඇත්ත. එය හමාස්, හිස්බුල්ලා, හවුති වැනි හානිකර ත්‍රස්ත කණ්ඩායම් වෙත පවා න්‍යෂ්ටික අවි හිමි කරන තර්ජනයක් විය හැකි බවද ඔහු විසින් තවදුරටත් පෙන්වා දී ඇත.

ඉරානය යූරේනියම් බලගැන්වීම තවදුරටත් නොකල යුතු බවටත් ඉරානයේ ගබඩා කර ඇති ද්‍රව්‍ය බාරදිය යුතු බවත් එළඹෙන බ්‍රහස්පතින්දා සාකච්චාවේදී අවධාරණය කරන බවද ඔහු විසින් පවසා ඇත.එහිදී ඉරානය දක්වන ප්‍රතිචාරය මත ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරි පියවර තබනු ඇතැයි ඔහු විසින් පවසා ඇත.

Share This