ශිෂ්‍යත්වය ජයගත් දිවයිනේ ප්‍රථමයාට ලකුණු 188 යි
ඊයේ නිකුත් කළ 2024 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලවලට අනුව, ශිෂ්‍යත්වය ජයගත් දිවයිනේ ප්‍රථමයා ලබාගත් ලකුණු සංඛ්‍යාව 188 ක් වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.
එමෙන්ම දරුවන් 18 දෙනෙකු ඉහළම ලකුණු ලබාගෙන ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ, අද (24) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී යි.
දිවයිනේ වැඩිම ලකුණු සංඛ්‍යාව 188 ක් වන විට තවත් දරුවන් 17 දෙනෙකු ලකුණු 187 සහ 186 යන සීමාවේ පසුවන බවයි අමිත් ජයසුන්දර මහතා පෙන්වා දුන්නේ.
වැඩිදුරටත් අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල්වරයා,
”..කඩඉම් ලකුණු අඩුවීමක් පෙන්නුම් කළත් මෙහි සාධනීය යම් කිසි වැඩිවීමක්, ප්‍රතිශත වශයෙන් පෙන්නුම් කරනවා.
ඒ අනුව කඩඉම ඉක්ම වූ සිසුන්ගේ ප්‍රතිශතය 16.05 % ක් වශයෙනුයි සඳහන් වෙන්නෙ.
මේ කඩඉම තීරණය කරන්නෙ අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන්ට ශිෂ්‍යාධාර ලබාදීම කියන පදනම මත.
එතැනදි, අඩු ආදායම් ලාභී දරුවන්ගේ සාධනය පිළිබඳ තොරතුරු අනුව තමයි මේ කඩඉම තීරණය කරන්නෙ.
මෙවර කඩඉම් ලකුණු ඉක්මවා ගිය ප්‍රමාණය 51 244 ක්.
මේ අතරින් පිරිමි දරුවන්ගේ ප්‍රතිශය 15.02% ක්. ගැහැණු දරුවන්ගේ ප්‍රතිශතය 17.10% ක්.
මෙවර දිවයිනේ වැඩිම ලකුණ වෙන්නෙ ලකුණු 188…”