ආපදා තත්ත්වයෙන් විපතට පත් මෙරට ජනතාවට ජපානයෙන් ආධාර
ගංවතුර ආපදා තත්ත්වයෙන් විපතට පත් මෙරට ජනතාවට බෙදා හැරීම සඳහා ජපානයෙන් පරිත්‍යාග කළ ආධාර තොගයක්, දිවයිනට රැගෙනවිත් තිබෙනවා.
ජපාන රජය පරිත්‍යාග කළ රුපියල් මිලියන 300ක් වටිනා ආධාර තොගයක් මෙලෙස, කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තයේ දී ඊයේ රාත්‍රියේ මෙරටට භාර දීම සිදු කෙරුණා.
මෙම අධාර තොගය අතර කූඩාරම් 230ක්, මෙට්ට 1,300ක් සහ මීටර් 50ක් දිග ප්ලාස්ටික් ෂීට් රෝල් 30ක්ද තිබෙන බව සඳහන්.
මෙම ආධාර තොගය ගංවතුරින් විපතට පත් දිස්ත්‍රික්ක 13ක ජනතාව අතර, දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහ ඒ ඒ දිස්ත්‍රික්ක වල ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ මැදිහත් ක්ෂණිකවම සහ ඉදුරාම බෙදාහැරීමට නියමිතයි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොත්තා, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් උදය හේරත්, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසමටා (Akio Isamata) සහ ජයිකා ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිත ටෙට්සුයා යමාඩා (Tetsuya Yamada) යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.
මෙම ආධාර තොගය ජපානයේ සිට විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණා.