ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් හැඳුනුම්පත ලගදීම
දශකයකට වැඩි කාලයක් තිස්සේ සාකච්ඡාවට බඳුන් වූ ශ්රී ලංකා ප්‍රථම ඩිජිටල් හැ
ඳුනුම්පත 2026 වසරේ තෙවන හෝ හතරවන කාර්තුව වන විට නිකුත් කිරීමට රජය සැළසුම් කර ඇත.
ඳුනුම්පත 2026 වසරේ තෙවන හෝ හතරවන කාර්තුව වන විට නිකුත් කිරීමට රජය සැළසුම් කර ඇත.ඩිජිටල් ආර්ථික නියෝජ්ය අමාත්ය එරංග වීරරත්න මහතා පසුගියදා පැවැති මාධ්‍යය හමුවකදී අනාවරණය කළේය.
මෙම ඩිජිටල් හැඳුනුම්පත හරහා පුද්ගලයෙකුගේ අනන්යතාවය 100% ක් නිවැරදිව තහවුරු කිරීම සඳහා ජෛවමිතික දත්ත භාවිතා කරනු ඇත. සාම්ප්රදායික හැඳුනුම්පත් සෑම ස්ථානයකටම රැගෙන යාම වෙනුවට, ආරක්ෂිත ඩිජිටල් ක්රමවේදයක් ඔස්සේ රජයේ සහ පෞද්ගලික අංශයේ සේවාවන් ලබා ගැනීමට මෙහිදී අවස්ථාව හිමි වනු ඇත.
මෙය ක්රියාත්මක වීමත් සමඟ විදේශ ගමන් බලපත්ර ලබා ගැනීම, බැංකු කටයුතු සහ අනෙකුත් රාජ්ය සේවාවන් වඩාත් කාර්යක්ෂමව සහ විනිවිදභාවයකින් යුතුව ඉටු කර ගැනීමට ජනතාවට හැකි වනු ඇතැයි අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළේය.
