විදේශිකයින් දෙදෙනෙකු දිය වැලකට හසුවෙයි

විදේශිකයින් දෙදෙනෙකු දිය වැලකට හසුවෙයි

අහුංගල්ල මුහුදේ දිය නාමින් සිටි විදේශිකයින් දෙදෙනෙකු දිය වැලකට හසුව ගසාගෙන ගොස් තිබෙනවා.

ඊයේ (10) දහවල් කාලයේ රුමේනියානු ජාතික පිරිමි පුද්ගලයෙක් සහ චීන ජාතික කාන්තාවක් එලෙස දිය වැලකට හසුව ඇති බව සඳහන්.

එම ස්ථානයේ රාජකාරීයේ යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් මෙම විදෙස් යුවළ බේරාගෙන කඩිනමින් ප්‍රතිකාර ලබාදී තිබෙනවා.

විදෙස් තරුණයා අවුරුදු 29ක් වන අතර කාන්තාව 30 වන වියේ පසුවනවා.

අහුංගල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරනු ලබන පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ පොලිස් කොස්තාපල් 29896 ලසන්න, පොලිස් කොස්තාපල් 19342 සංගීත හා පොලිස් කොස්තාපල් 103992 දුලංජය යන නිලධාරීන් විසින් ඔවුන්ගේ දිවි බේරා ගෙන තිබෙනවා.

Share This