විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය ගැන මහජන අදහස් විමසීම අද සිට….

විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය පිළිබඳ ජනතාවගේ ලිඛිත අදහස් හා යෝජනා බාර ගැනීම අද සිට ආරම්භ කරන බව ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

ලබන මාර්තු 18 දින දක්වා එම යෝජනා සහ අදහස්  භාර ගනු ලබන අතර  ලංකා විදුලි බල මණ්ඩලය, ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සමාලෝචනය කිරීමෙන් අනතුරුව කෙටුම්පත් කළ උපදේශන පත්රිකාව www.pucsl.gov.lk වෙබ් අඩවියට පිවිස පරිශීලනය කළ හැකි බව වැඩි දුරටත් සදහන් කරයි.

අප්රේල් පළමු වැනිදා සිට ජුනි 30 වැනිදා දක්වා විදුලි ගාස්තුව, 13.56% කින් ඉහළ නැංවීම සදහා විදුලි බල මණ්ඩලය, පසුගියදා මහජන උපයෝගීතා කොමිසමෙන් අවසර ඉල්ලා සිටියේ ය.

Share This