වරාය ව්‍යාපෘතියට අදානි, අමෙරිකාවෙන් ඉල්ලූ ණය ඉල්ලීම අස්කරගනී

වරාය ව්‍යාපෘතියට අදානි, අමෙරිකාවෙන් ඉල්ලූ ණය ඉල්ලීම අස්කරගනී

ඉන්දියාවේ අදානි වරාය සහ විශේෂ ආර්ථික කලාප පෞද්ගලික සමාගම කොළඹ වරායේ බටහිර පර්යන්ත ව්‍යාපෘතියට අමෙරිකානු ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය අරමුදල (IDFC) වෙතින් ඉල්ලූ ඩොලර් මිලියන 553ක ණය ඉල්ලීම ඉල්ලා අස් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

අදානි සමූහයේ නිර්මාතෘ ගෞතම් අදානිට එරෙහිව අමරිකානු නීතිපති දෙපාර්තමේන්තුව අල්ලස් හා දූෂණ චෝදනා ගොනුකිරීමට ඊට හේතුව විය හැකි බවටයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

ඉන්දියානු ප්‍රකෝටිපතියෙකු වන ගෞතම් අදානි විසින් පාලනය කරනු ලබන අදානි සමූහ ව්‍යාපාරයට වරායේ බටහිර බහාලුම් පර්යන්තයේ 51% ක කොටස් හිමිව තිබෙනවා.

එහි සීමාසහිත China Merchants Port Holdings Co Ltd විසින් පවත්වාගෙන යනු ලබන පර්යන්තයක් ද පවතින බව සඳහන්.

ශ්‍රී ලංකාවේ සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමට එම පර්යන්තයේ 34% හිමිවන අතර ඉතිරි කොටස රජය විසින් පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු වනවා.

කෙසේ වෙතත් කොළඹ වරායේ බටහිර පර්යන්ත ව්‍යාපෘතිය කිසිඳු ගැටළුවකින් තොරව ක්‍රියාත්මක වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

එමෙන්ම 2025 වසර ආරම්භයේදී එය ආරම්භ කිරීමට නියමිත බවද සඳහන්.

මේ අතර අදානි සමාගම මෙරට ඉදිකිරීමට නියමිත සුළං විදුලි ව්‍යාපෘති සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනයට පත් කළ කමිටුවේ වාර්තාව පදනම් කර ගනිමින් කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

අදාළ සුළං විදුලිබල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එම කමිටුව අංශ කිහිපයක් ඔස්සේ කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

මන්නාරම හා පූනරීන් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත එම සුළං විදුලි ව්‍යාපෘති මගින් ජනනය කිරීමට අපේක්ෂිත විදුලිය ප්‍රමාණය මෙගා වෝට් 484 ක්.

 

Share This