වන අලි ගැටලුවට නව විසදුම්
මිනිස් ජිවිත හා දෙපලවලට හානි කරමින් වන අලි ගම් වදින ස්ථාන හදුනාගෙන එම ස්ථාන අවහිර කිරීමට අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රාදේශී ලේකම් කොට්ඨාස හයක මුරකුටි ඉදිකිරීම ආරම්භ කර ඇති බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා පවසනවා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින වන අලි ගැටලුව විසදීම සඳහා කෙටි කාලීන , මධ්‍යකාලීන සහ දිගුු කාලීන විසඳුම් ලබාදීමට කටයුතු ආරම්භ කර ඇති බවත් කෙටි කාලීන විසඳුම් සදහා කඩිනම් පියවර ගැනීමට කටයුතු කරන බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා.
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
වන අලි ගම්මානවලට පිවිසෙන ස්ථාන හඳුනාගෙන එම ස්ථානවල බංකර් ස්ථාපිත කිරීමටත් ඒ සඳහා වනජීවි , සිවිල් ආරක්ෂක නිලධාරීන් හා ප්‍රජාවගේ දායකත්වයෙන් ලබා ගැනීමටත් කටයුතු කරන බවත් අලි ගම් වැදීම සම්බන්ධයෙන් විද්‍යාත්මක ක්‍රමවේදයන්ගෙන් බැහැරව සිදුකරන ඇතැම් නීත්‍යනුකූල නොවන ක්‍රමවේදයන්ගෙන් බැහැර වන ලෙස ඉල්ලීමක් කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළා.