ලොව මලල ක්‍රීඩා විශිෂ්ටතමයන් තෝරන ලැයිස්තුවේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ඉදිරියෙන්
හංගේරියාවේ බුදාපේස්ට් හිදී ලෝක මලල ක්‍රීඩා ඉතිහාසයේ පළමුවරට පැවැත්වීමට නියමිත විශිෂ්ටතමයන් පමණක් තරග වදින “World Ultimate Championship 2026” තරගාවලියේ සුදුසුකම් ලැබීමේ සටහනේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ 3 වැනි සහ 4 වැනි ස්ථාන ලබා ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සහ සුමේධ රණසිංහ ඉදිරියෙන් රැඳී සිටී.
මෙම තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමට නම් ලොව මු
ල් ස්ථාන 8 අතරට සුදුසුකම් ලැබීම අනිවාර්යය වන අතර එලෙස තෝරා ගන්නා අවසන් දිනය සැප්තැම්බර් 01 වැනිදා වේ. එදිනට මෙම සටහනේ ඉදිරියෙන් සිටිනා ක්‍රීඩකයන් ශූරතාවට සුදුසුකම් ලබනු ඇත.
යම් හෙයකින් ශ්‍රී ලාංකිකයෙකු ලොව විශිෂ්ටතමයන් අතරට සුදුසුකම් ලැබුවහොත් එය ශ්‍රී ලංකා ක්‍රීඩාවේ ඓතිහාසික සංධිස්ථානයක් වනු ඇත.
