ලුණු ආනයනය සඳහා සමාගම්, ආණ්ඩුවෙන් අවසර ඉල්ලයි
ලුණු නිෂ්පාදනය සියයට 40කින් පහළට..?
ලුණු ආනයනය සඳහා සමාගම්, ආණ්ඩුවෙන් අවසර ඉල්ලා තිබෙනවා.
ලුණු නිෂ්පාදනයේදී මතුව ඇති ප්‍රායෝගික ගැටළු කිහිපයක් පෙන්වා දෙමින් සමාගම් අදාළ යෝජනාවලිය ඉදිරිපත් කර ඇති බවයි වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ.
කර්මාන්ත අමාත්‍යාංශය හා සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවද ඒ මහතා කියා සිටියා.
එමෙන්ම මේ වන විට ලුණු මෙට්‍රික් ටොන් 12ක සංචිතයක් පවතින බවත්, එය, මාස දෙකක කාලයක් පරිභෝජනය සඳහා ප්‍රමාණවත් බවත්, ලංකා ලුණු සමාගමේ සාමාන්‍යධිකාරී ආර්. එම්. ගුණරත්න මහතා සඳහන් කළා.
පැවති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග පසුගිය කාලයේ ලුණු නිෂ්පාදනය අඩුවූ බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.
ඒ අනුව ඉදිරියේදී ඇති විය හැකි වැසි සහිත කාලගුණයත් සමග ලුණු නිෂ්පාදනයට පවතින අවදානම අවම කිරීම සඳහා ලුණු ආනයනයට ආණ්ඩුවෙන් අවසර ඉල්ලූ බවයි ආර්. එම්. ගුණරත්න මහතා අවධාරණය කළේ.
කෙසේ වෙතත් පරිභෝජන අවශ්‍යතාවට සරිලන ලුණු තොග මෙරට තුළ පවතින බව පෙන්වා දුන් සාමාන්‍යාධිකාරිවරයා කියා සිටියේ , ඇතමුන් ලුණු හිඟයක් පවතින බව සඳහන් කරමින් මිල ගණන්, ශීඝ්‍රයෙන් ඉහළ දමා ඇති බවයි.
මේ අතර මෙරට ලුණු නිෂ්පාදනය පසුගිය වසරේ සහ මේ වසරේ සියයට 40කින් පමණ පහළ ගොස් ඇති බවද වැඩිදුරටත් වාර්තා වනවා.