රුසියාව සෝයුස් රොකට්ටුව දියත් කරයි: ඉරානයේ චන්ද්‍රිකා දෙකක් ඇතුළුව චන්ද්‍රිකා 53ක්
රුසියාව විසින් අද අළුයම Soyuz රොකට්ටුව සාර්ථකව අභ්‍යාවකාශගත කල බව රුසියාවේ Roscosmos අභ්‍යවකාශ මධ්‍යස්ථානය පවසනවා.
ඒ පෘථිවිය වටා අභ්‍යවකාශ කාලගුණය නිරීක්ෂණය කිරීම සඳහායි.
ඒ වෙනුවෙන් නිර්මාණය කර ඇති චන්ද්‍රිකා දෙකක් සහ ඉරාන චන්ද්‍රිකා දෙකක් ඇතුළු කුඩා චන්ද්‍රිකා 53ක් මෙම Soyuz රොකට්ටුව මගින් අභ්‍යවකාශ ගත කළ බව සඳහන්.
රුසියාවේ Vostochny Cosmodrome වෙතින් ඉහළට එසවූ Soyuz-2.1 අභ්‍යවකාශ යානය, Ionosfera-M චන්ද්‍රිකා දෙකක් රැගෙන ගොස් ඇති අතර එය පෘථිවි අයනගෝලය නිරීක්ෂණය කිරීමේ අභ්‍යවකාශ පද්ධතියේ කොටසක් බවට පත්වනු ඇතැයි ඒජන්සිය පවසනවා.
පෘථිවි වායුගෝලය අභ්‍යවකාශය හමුවන අයනගෝලය, පෘථිවි පෘෂ්ඨයට ඉහලින් දළ වශයෙන් සැතපුම් 50 සිට 400 දක්වා (කිලෝමීටර් 80 සිට 644 දක්වා) විහිදෙන බව නාසා වෙබ් අඩවියේ දක්වා තිබෙනවා.
සෑම Ionosfera-M චන්ද්‍රිකාවක්ම බර කිලෝග්‍රෑම් 430 (රාත්තල් 948) වන අතර එහි ක්‍රියාකාරී කක්ෂය කිලෝමීටර 820 (සැතපුම් 510) ක උන්නතාංශයක පිහිටා ඇති බවයි රුසියාව පවසන්නේ.
පද්ධතියට Ionosfera-M චන්ද්‍රිකා හතරක් ඇතුළත් අතර මීළඟ චන්ද්‍රිකා දෙක 2025 දී දියත් කිරීමට සැලසුම් කර ඇති බව Roscosmos සඳහන් කරනවා.