මුත්තූර්වල බාබර්ලට හිතුමතේ අයකිරිලි බෑ
මුතූර් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක වන සියලුම කොණ්ඩා මෝස්තර මධ්‍යස්ථාන සඳහා නව ස්ථාවර මිල ගණන් සහ රෙගුලාසි මාලාවක් ඇතුළත් නිල නිවේදනයක් ප්‍රාදේශීය සභාවේ සභාපති සහ ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙනවා. 2026 පෙබරවාරි 16 වන දින පැවති සාකච්ඡාවකදී ගත් තීරණවලට අනුව මෙම නීති රීති 2026 පෙබරවාරි 20 වන දින සිට ක්‍රියාත්මක බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාලනය යටතේ පවතින මුතූර් ප්‍රාදේශීය සභාව රූපලාවණ්‍යාගාර මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් නියම කර ඇති සෞඛ්‍ය ප්‍රමිතීන්ට අනුකූල පවත්වාගෙන යා යුතු අතර සෞඛ්‍ය රීති උල්ලංඝනය කරන ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගනු ඇති බවයි සඳහන්. රූපලාවණ්‍යාගාර හිමියන් 2026 මාර්තු 5 වන දිනට පෙර ප්‍රාදේශීය සභාවෙන් වලංගු වෙළඳ බලපත්‍රයක් ලබාගත යුතු අතර බලපත්‍ර රහිතව පවත්වාගෙන යන ආයතන වසා දැමීමට පියවර ගනු ඇති බව වාර්තා වේ. පාසල් සිසුන්ට නුසුදුසු යැයි සැලකෙන කොණ්ඩා මෝස්තර, වර්ණ ගැන්වීම් තහනම් වෙන අතර අවසර දෙනු ලබන්නේ පාසල් විනය රීතිවලට ගැලපෙන මෝස්තර සඳහා පමණයි.
ප්‍රාදේශීය සභාව විසින් නියම කර ඇත්තේ මේ ම්ල ගණන්ය.
කොණ්ඩය කැපීම – රු. 300.00, රැවුල බෑම – රු. 200.00, රැවුල සැකසීම (Design) – රු. 300.00, හිස මුඩු කිරීම – රු. 300.00, කොණ්ඩය කැපීම සහ රැවුල බෑම – රු. 500.00, කොණ්ඩය සහ රැවුල සැකසීම – රු. 600.00, අවුරුදු 10 ට අඩු පාසල් සිසුන් සඳහා – රු. 200.00,
අවුරුදු 10 ට වැඩි පාසල් සිසුන් සඳහා – රු. 250.00
අවුරුදු 10 ට වැඩි පාසල් සිසුන් සඳහා – රු. 250.00