මල්ලිව මරලා අයියා පැනලා

අද (26) දහවල් ඇල්පිටිය, බටුවන්හේන පොල්ගස්වත්ත රදේශයේ සහෝදරයන් දෙදෙනකු අතර ඇතිවූ බහින්බස්වීමක් දර දිග ගොස් වැඩිමල් සහෝදරයා බාල සහෝදරයාට ඒල්ල කළ කුරුදු පොළු පහරකින් බාල සහෝදරයා මරුමුවට පත්වී තිබේ. මිය ගිය බාල සොයුරා 73 හැවිරිදි පස් දරු පියෙකි.

මේ ආරවුල ආරම්භ වී ඇත්තේ මිනින්දෝරුවන් ඉඩම මැණීමට පැමිණි අවස්ථාවේදී බව අසල් වාසීන් පවසයි. මිනීමැරුමෙන් පසු පලා ගිය අයියා සොයා සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය වැඩි දුර පරීක්ෂණ සිදු කරයි.

 

Share This