බෝයිං වර්ජනය අවසන්: කම්කරුවන්ට 38% වැටුප් වැඩිවීමක්

බෝයිං වර්ජනය අවසන්: කම්කරුවන්ට 38% වැටුප් වැඩිවීමක්

සති හතක් පුරා පැවති හානිකර වැඩ වර්ජනයක් අවසන් කරමින් ගුවන් සේවා දැවැන්තයාගේ නවතම වැටුප් පිරිනැමීම පිළිගැනීමට බෝයිං කම්කරුවන් කැමැත්ත පළ කර තිබෙනවා.

ඒ අනුව නව කොන්ත්‍රාත්තුව යටතේ ඉදිරි වසර හතර තුළ ඔවුන්ට 38% ක වැටුප් වැඩිවීමක් ලැබෙනු ඇති.

වැඩ වර්ජන කරන කම්කරුවන් ලබන බදාදා සිට නොවැම්බර් 12 වැනි දින දක්වා සිය රැකියා වෙත ආපසු වාර්තා කළ යුතු බව ජාත්‍යන්තර යන්ත්‍රෝපකරණ සහ අභ්‍යවකාශ සේවකයන්ගේ සංගමය පවසනවා.

30,000ක පමණ බෝයිං සේවකයින් පසුගිය සැප්තැම්බර් 13 දින වැඩ වර්ජනයක් ආරම්භ කළ අතර, එය ගුවන් යානා නිෂ්පාදකයාගේ කම්හල්වල විශාල මන්දගාමිත්වයකට තුඩු දුන් අතර සමාගම තුළ අර්බුදයක් ද ඇති කළා.

මෙම නව වැටුප් වැඩිකිරීම සමග ඩොලර් 12,000 ක ප්‍රසාද දීමනාවක් මෙන්ම කම්කරුවන්ගේ විශ්‍රාම සැලසුම්වල වෙනස්කම් ද ඇතුළත් බව සඳහන්.

Share This