පොල්වලින් අයිස්ක්‍රීම් හදලා කාලා තියෙනවද
පොල් කියන්නෙ එදිනෙදා අපේ ආහාර වේල් රස කරන්න නැතිවම බැරි දෙයක්.
ආහාර රස කරන්න විතරක් ම නෙවෙයි, පොල්වලින් විතරක් හැදෙන රස කෑම ජාතිත් සෑහෙන්න තියෙනවා.
එහෙම හැදෙන කෑම අතර විශේෂ කෑමක් තමයි ‘පොල් අයිස්ක්‍රීම්’
ටිකක් විතර ආගන්තුක වුණාට, මේක හරි රස අයිස්ක්‍රීම් එකක්.
විශේෂම කාරණය තමයි, මේවා හරි ලේසියෙන් අපිට ගෙදරදීම හදාගන්න පුළුවන් වීම.
බලමුද එහෙනම් රස ම රස පොල් අයිස්ක්‍රීම් හදන්නෙ කොහොමද කියලා…
අවශ්‍ය ද්‍රව්‍ය :
- පොල් ගෙඩියක්
- උකු කිරි ටින් 1 (මිල්ක්මේඩ්)
- වතුර කෝප්ප 4
- ජෙලටින් තේ හැදි 3
- වැනිලා තේ හැඳි 1
සාදන ආකාරය :
- පළමුව පොල්ගෙඩියක් ගෙන හීනියට ගා ගන්න.
- පසුව ඊට මැනගත් වතුර ප්‍රමාණය ටිකෙන් ටික දමමින් පොල් හොඳින් මිරිකා ගන්න.
- අනතුරුව එහි පළමු පොල් කිරි ටික පොල් කුඩු නොයන පරිදි හොඳින් පෙරාගන්න.
- පසුව එය ටින් කිරි සමග මුසුකර දිය කරගන්න.
- මද රස්නය ඇති වතුරෙන් ජෙලටින් හොඳින් දියකර, පොල්කිරි මිශ්‍රනයට දමා කලවම් කරන්න.
- පසුව පදම් වන තුරු මිශ්‍රණය පැය හතරක් පමණ ශීතකරණයේ තබන්න.
- ඉන්පසු ශීතකරණයෙන් ඉවතට ගෙන බීටරයකින් ගසා ගන්න.
- අනතුරුව ඊට වැනිලා ස්වල්පයක් ද එකතු කරන්න.
- ඉන්පසු යළි ශීතකරණයේ තබා මිදෙන්න හරින්න.