පාස්කු විමර්ශන හොදින් යනවා- විමර්ශන ඉතා ස්වාධීනයි
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්හිටුවා තිබූ විමර්ශන නව රජය බලයට පත්වීමත් සමඟ ස්වාධීනව ක්‍රියාත්මක වූ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගෙන ඇති බවත් සිරිල් ගාමිණී පියතුමා පවසයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සම්පූර්ණයෙන්ම ඇනහිටි බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
ප්‍රහාරය පිටුපස සිටින සැබෑ මහමොළකරුවන් සහ වගකිවයුත්තන් සොයා ගැනීම වෙනුවෙන් එදා සිටම කතෝලික සභාව ඇතුළු පාර්ශව රැසක් අඛණ්ඩව සටන් කළ බව උන්වහන්සේ සිහිපත් කළහ.
නව රජය බලයට පත්වීමෙන් පසු අත්හිටුවා තිබූ පරීක්ෂණ විධිමත් ලෙස නැවත ආරම්භ වූ අතර, පසුගිය මාස 16ක කාලය පුරා එම විමර්ශන ඉතා ස්වාධීන මට්ටමකින් සිදු වූ බව උන්වහන්සේ පැවසූහ.
