පාසල් සිසුන්ට දෙන පාවහන් වවුචර්පත්වල වලංගු කාලය දීර්ඝ කරයි
පාසල් සිසුන්ට ලබා දෙන පාවහන් වවුචර්පත්වල වලංගු කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
එම තිළිණපත්වල වලංගු කාලය 2026.02.28 දිනෙන් අවසන් වීමට තිබුණ ද එහි වලංගු කාලය 2026.03.15 දින දක්වා දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩි දුරටත් සදහන් කරයි.
