නීතිඥවරයා – බිරිඳ ඝාතනයට තවත් අයෙක් අල්ලයි

තලංගම අකුරේගොඩ දී නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන්නැයි තවත් පුද්ගලයකු  අත්අඩංගුවට ගෙන ඇත. මේ බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. එම සැකකරුත් සමග මේ වනවිට එම අපරාධය සම්බන්ධයෙන් සැකපිට දස දෙනකු  අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිසිය වැඩිදුරටත් සදහන් කරයි.

 වෙඩික්කරුවන් දෙදෙනාට නවාතැන් පහසුකම් සැපයූ පුද්ගලයා  ‌පෙරේදා අත්අඩ ංගුවට ගත් බව ‍පොලිසිය සදහන් කරයි. එමෙන්ම මෙම අපරාධයට සම්බන්ධ මෝටර් රථ දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත.

ඒ විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරු වන කරන්දෙනියේ සුද්දාගේ උපදෙස් මත මෙම ඝාතනය සිදු කර ඇති බවත් කරන්දෙණියේ සුද්දා සති කීපයකට ඉහතදී තමා අමතා “ලෝයර් බුද්ධික මගේ නඩු කතා කරන්නේ නෑ. ලොකු පැටිගේ නඩු කතා කරන්නේ , එයාට ගහන්න ඕනේ නැති වෙන්නම යනුවෙන් පැවසූ බව සැකකාර වෙඩික්කරු පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේදී පවසා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඝාතනය සඳහා පැමිණි මෝටර් රථයේ රියදුරු කවුරුන්දැයි නිශ්චිත ලෙස මෙතෙක් අනාවරණය වී නැතැයි පොලිසිය කියයි . ඊට හේතුව ඝාතනය සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනා සහ මෝටර් රථයේ රියදුරු යන තිදෙනා එකිනෙකා නොහඳුනන නිසා බවයි වාර්තා වන්නේ.

වෙඩික්කරුවන් කොළඹට රැගෙන ආ මෝටර් රථය සහ එම මෝටර් රථය පැද වූ රියදුරු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කරා රැගෙන ගිය මෝටර් රථය ද මේ වන විට පොලිස් භාරයට ගෙන ඇත.

Share This