ධන වාසනාව කැන්දන ”ජල රහස” – සල්ලි ළඟ රැඳෙන්නෙම නැද්ද ?? එහෙනම් මේක කරලා බලන්න
‘‘කොච්චර හෙව්වත් කීයක්වත් අතේ නෑ.. කිසිම ඉතුරුවක් නෑ..’‘ කියන මැසවිල්ල කාටත් පොදු කතාවක්.
නිතර කටින් නොකිව්වත් බහුතරයකගේ හිත්වල තියෙන අදහසක් ඕක.
ඉතින් ඔයත් එහෙම අදහසක ඉන්න කෙනෙක් නම් මේ සටහන ඔබට වඩාත් වැදගත් වේවි.
ධන වාසනාව ගැන නිතර කතා කරන පැරණි චීන කලාවක් වන ”ෆෙංෂුයි” ආශ්රයෙනුයි මේ ලිපිය සැකසෙන්නෙ.
”ෆෙංෂුයි” තාඕවාදී දර්ශනය සහ ස්වභාවධර්මය පිළිබඳ අවබෝධය මත පදනම් වූවක්.
ෆෙංෂුයි එක්කම නිතර ඇහෙන වචනයක්නෙ ”ජලය”
මේ තුළ ඇති ප්‍රබල පිළිගැනීමකි, ස්වභාවික ජල කඳක් ඇති ස්ථානයකින් වාසනාව හරි පහසුවෙන් ළඟා කරගත හැකි බව.
සමහරවිට ඔය කතාව දැන හෝ නොදැන වැව් ළඟ, ගංඟා අසළ ඉදිවන ඉදිකිරීම්වලට (විශේෂයෙන්ම නිවාසවලට) අපේ උදවිය වැඩි කැමැත්තක් දක්වනවා ඔබත් දැක ඇති.
නමුදු ප්‍රායෝගිකව ඒක ක්‍රියාවට නංවන්න අපහසු නිසාම, ෆෙංෂුයිවල එන ”ජල රහස්” ටිකක් ඔබත් එක්ක බෙදාගන්න අපි කල්පනා කළා.
මේ තුළ ඇති ප්‍රබල පිළිගැනීමක් තමයි ගිනිකොණ දිශාවේ ජලය තැබීමෙන් ධන වාසනාව වැඩි කරනවා කියන එක.
ඒ අනුව මාළු ටැංකියක්, වතුර බේසමක් එහෙමත් නැත්නම් ගේ ඇතුළේ කුඩා පොකුණක් වුව ගිනිකොණ දිශාවට සැකසීමෙන් හෝ තැබීමෙන් ඔබට යහපත් ප්‍රතිඵල ලබාගත හැකියි.
හැබැයි එහෙම කරලා නිකන් ඉන්නත් බෑ !
ඔබ තෝරාගන්නේ මාළු ටැංකියක් තැබීමට නම් එහි ජීවීන්ට මනාව සාත්තු සප්පායම් කළ යුතුම වෙනවා. නිසි පරිදි ආහාර රටාවක් පවත්වාගෙන යා යුතුයි.
මෙතනදී විය යුත්තේ ජලය සෙමින් සෙලවීමක්. කුඩා මාළුන් පිහිනා යන විට එය නිරායාසයෙන්ම සිදු වෙනවා…
වැදගත්ම කාරණය තමයි වෙළඳ අරමුණු මත “ෆෙංෂුයි මසුන්” නමින් වන වෙළඳාම්.
ෆෙංෂුයිවලට අනුව නම් එහෙම විශේෂ මත්ස්‍ය වර්ගයක් ගැන සඳහනක් නෑ. ඒ වගේම සංඛ්‍යාවකුත් වර්ණයකුත් නෑ.
ඊළඟට බේසමක හෝ මැටි මුට්ටියක ජලය තබනවා නම් ඒක ජලය සුළු ප්‍රමාණයක එකතුවක් නොවීමත් වැදගත්.
ඒ වගේම අදාළ බඳුන විවෘතව තිබීමයි වැදගත්ම කාරණය වෙන්නෙ.
ඉහත සඳහන් කළ පරිදි මේ ධන වාසනාව කැන්දන ජල රහසේදී ෆෙංෂුයිවලට අනුව විය යුත්තේ ”සෙමින් ජලය සෙලවීමක්”
ඉතින් ඔබේ තේරීම බඳුනකට ජලය දමා තැබීම හෝ පොකුණක් වැනි යමක් නිර්මාණය කිරීම නම්, එහිදී කිසියම් යාන්ත්‍රික ක්‍රියාවලියක් තුළින් එය ඔබට ඉටුකරගන්න පුළුවන්.
අනෙක් කාරණාව නම් ජලයට අමතරව ”ලී” (wood and water) එහෙමත් නැත්නම් දැවමය දේවල් නිවසේ ගිනිකොණ දිශාවෙන් තැබීමත් ධන වාසනාව කැන්දන රහස් ක්‍රමයක්.
තවත් දෙයක් තමයි ජලය සම්බන්ධ කතාබහේදී බොහෝදෙනා විශ්වාස කරනවා ජලය සහිත පිංතූර ප්‍රදර්ශනය කිරීමත් මේ යටතට අයත් කියලා.
නමුත් ඒක වැරදි මතයක් !
අවශ්‍ය වන්නේ නිවසේ අභ්‍යන්තර සැලැස්මට ඉහත කී ලෙස ජලය ඇතුළත් කිරීම….