දින 90ක් රඳවාගෙන සලේගෙන් ප්රශ්න කිරීමට අවසර
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන කටයුතු අතරතුර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂවරයෙකු වන විශ්රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුගෙන් දින 90ක කාලයක් රඳවාගෙන ප්රශ්න කිරීමට අදාළ අධිකරණ අවසරය ද හිමිව ඇති බව වාර්තා වෙයි.
පසුගිය බදාදා (25) පෙරවරුවේ, පෑලියගොඩ ප්රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක සේවය සඳහා ගමන් කරමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බව සඳහන් වේ.
