දිට්වා’ ආපදාවෙන් මිය ගිය අයගේ තෙමස් පූර්ණ පිංකමේදී ජනපති දන් බෙදයි
මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පල්ලෙගල දෙබොක්කා ග්‍රාමසේවා වසමේ නෙළුම්මල ගම්මානයේ කිලෝමීටර් 5කට අධික ප්‍රදේශයක් නාය යෑමෙන් මිය ගිය අය සිහිපත් කරමින් මෙම පිංකම අද (27) පමුණුපුර, බටමුල්ල කනිෂ්ඨ විද්‍යාලයේදී සංවිධානය කර තිබුණි. නෙළුම්මල ගම්මානයේ පැවති තෙමස් පූර්ණ දානමය පුණ්‍යකර්මයට ජනපති අනුර කුමාර දිසානායකට මහතාද එක් විය .
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ මෙම නාය යාමෙන් නෙළුම්මල ගම්මානයේ පවුල් 13කට අයත් පුද්ගලයන් 31 දෙනෙකුගේ ජීවිත අහිමි විය.
ඔවුන් ඇතුළුව ආපදා තත්ත්වයෙන් මිය ගිය සියලු දෙනා සිහි කරමින් සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක නාරම්පනාවේ ආනන්ද අනුනාහිමි ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය 70 නමක් විෂයයෙහි මෙම දානමය පුණ්‍යකර්මය සිදු කෙරුණු අතර ඊට සමගාමිව ඊයේ (26) පස්වරුවේ බෝධි පූජා පිංකමක් සහ පිරිත් දේශනයක්ද සංවිධානය කර තිබිණි.
මෙම අවස්ථාවට බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහ ප්‍රදේශයේ මහජන නියෝජිතයෝ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.
