තරුෂිට පළමු SEC පදක්කමක්
ශ්රී ලංකාවේක තරුෂි කරුණාරත්න ටෙක්සාස් හි පැවති Southeastern Conference Indoor Track and Field තරගාවලියේදී සිය පළමු SEC පදක්කම දිනාගන්නා ලදි. Texas A&M කණ්ඩායම වෙනුවෙන් දිගුදුර සහය දිවීමේ (Distance Medley Relay) 800m කොටස ඇය විනාඩි 2:05.87 ක කාලයකින් නිම කළාය. එම තරගයේදී Texas A&M කණ්ඩායම නව පාසල් වාර්තාවක්ද සමඟ විනාඩි 10:58.39 ක කාලකින් ලෝකඩ පදක්කම දිනාගන්නා ලදී.
