තමන්ගෙම තැනක් ලසස්න ජීවිතයක් ජාතික නිවාස වැඩසටහන හෙට (25)

තමන්ගෙම තැනක් ලසස්න ජීවිතයක් ජාතික නිවාස වැඩසටහනට සමගාමිව පවුල් 1500ට නිවාස 1500ක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 1500ක් පිරිනැමිමේ උත්සව හෙට (25) දිත්‍රික්ක දහයකදී පැවැත්වේ.
රට පුරා නිවසක් අහිමි මෙසරට පුරවැසියන් වෙනුවෙන් නිවාස 31000ක් ලබාදීමේ ජැාතික මහෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය මස 16 වැනිදා යාපනයේ චාවකච්චේරිවලදී ආරම්භ කළේය.
එම වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික් මට්ටමෙන් මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් මෙමවැඩසටහන හෙට දිස්ත්‍රික්ක දහයකදී පැවැත්වේ.
මෙම නිවාස වැඩසටහනට අනුව නිවාස 31000ක් ඉදිකිරිමට සැලසුම් කර ඇති අතර ඊට අමතරව දිට්වා සුළි කුණාටුවෙන් පුර්ණ නිවාස හානි වු සහ අධිඅවදානම් කලාපවල ජීවත්වන පවුල් 20,000ක්ද මේ වසර තුළ ඉදිකර අවසන් කිරිමට රජය බලාපොරොත්තු වන බව නිවාස , ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පැවසීය.
