ජොන්ස්ටන් ඉදිරිපත් කළ රීට් පෙත්සම ඉල්ලා අස්කරගනී: සුඛෝපභෝගී මෝටර් රථයේ සිද්ධිය ගැන ඉදිරිපත් කළ රීට් පෙත්සමක්

ජොන්ස්ටන් ඉදිරිපත් කළ රීට් පෙත්සම ඉල්ලා අස්කරගනී: සුඛෝපභෝගී මෝටර් රථයේ සිද්ධිය ගැන ඉදිරිපත් කළ රීට් පෙත්සමක්

කොළඹ හිල්ටන් හෝටල් රථ ගාලේ තිබී නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබෙනවා.

මෙම පෙත්සම ඊයේ (05) මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධීකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නේ තම සේවාදායකයාට මේ වන විට මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලැබී ඇති බැවින් මෙම පෙත්සම පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බවයි.

එමෙන්ම අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාදෙන ලෙසද නීතිඥවරුන් එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව ඉල්ලීම පිළිගත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාදෙමින් එය නිෂ්ප්‍රභ කර තිබෙනවා.

අකිලා නදීෂානි බණ්ඩාර
Share This