ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කළ දෝෂාභියෝගයට ඡන්ද 5ක් මදිවෙයි

ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කළ දෝෂාභියෝගයට ඡන්ද 5ක් මදිවෙයි

යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමට දැරූ කෙටිකාලීන ප්‍රයත්නය හේතුකරගෙන දකුණු කොරියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කළ දෝෂාභියෝගය සම්මත කර ගැනීමට අසමත්ව තිබෙනවා.

ඒ ඊට පක්ෂව ඡන්ද 5ක් මදි වීමත් සමගයි

පනත් කෙටුම්පතක් සම්මත කිරීමට ඡන්ද 200 ක් අවශ්‍ය වූවත් ඔවුන්ට ලබා ගැනීමට හැකිව ඇත්තේ ඡන්ද 195 ක් පමණයි.
පාලක පක්ෂ මන්තීවරුන් 8 දෙනෙක්ගේ සහය ලබා ගැනීමමට විරුද්ධ පක්ෂ මුලින් අදහස් කරගෙන සිටියත්, පාලක මහජන බලය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙක් ඡන්දය වර්ජනය කර තිබෙනවා.
මේ අනුව තවදුරටත් ජනාධිපති ධූරයේ රැඳී සිටීමට දකුණු කොරියානු ජනපතිවරයාට අවස්ථාව හිමිවන නමුත් ඔහුට ඉල්ලා අස් වන ලෙස බල කරමින් ජනතා විරෝධයක් මතුව ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

Share This