ජනපති අනුරගේ රුව සහිතව ව්‍යාජ මුදල් නෝට්ටුවක් අන්තර්ජාලයට දැමූ පුද්ගලයා අත්අඩංගුවට: අධිකරණයට ඉදිරිපත් කරන්න සියලු කටයුතු සූදානම්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කර ව්‍යාජ රුපියල් 5000ක මුදල් නෝට්ටුවක් නිර්මාණය කර සමාජ මාධ්‍යයට එක් කළ අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු පිළියන්දල ප්‍රදේශයේ ඊයේ (04) පස්වරුවේදී අත්අඩංගුවට ගත් බවයි, පොලිසිය සඳහන් කළේ.
ඔහු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සඳහා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
වත්මන් ආණ්ඩුව විසින් මුදල් නෝට්ටු මුද්‍රණය කර ඇති බවට පුවත් පළ වන පසුබිමක සැකකරු විසින් මෙය සිදු කර තිබීමත් විශේෂත්වයක්.
කෙසේ වෙතත් අදාළ පුවත රජය සහ මහබැංකුව විසින් ප්‍රතික්ෂේප කර තිබුණා.