චීනය ලොව වේගවත්ම විද්‍යුත් චුම්බක කොයිල්ගන් (Coilgun) අවිය නිපදවයි.

ලොව වේගවත්ම විද්යුත් චුම්බක කොයිල්ගන් (Coilgun) අවිය නිපදවමින් චීන යුද විද්යාඥයින් විසින් යුද තාක්ෂණයේ දැවැන්ත පියවරක් තබා ඇත. මිනිත්තුවකට උණ්ඩ 3,000ක අධික වේගයකින් වෙඩි තැබිය හැකි මෙම මූලාකෘතිය නිර්මාණය කර ඇත්තේ පී.එල්.ඒ. (PLA) හමුදා ඉංජිනේරු විශ්වවිද්යාලයේ මහාචාර්ය ෂියැං හොංජුන්ගේ අනු දැනුම හා මෙහෙයවීම යටතේය.
මෙහිදී ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් ලිතියම්-අයන් බැටරි භාවිතා කරමින් එහි පියවර 20කින් යුත් තඹ දඟර පද්ධතිය සෘජුවම ක්‍රියාත්මක කරවයි.
කෘතිම බුද්ධිය (AI) මඟින් පාලනය වන මෙම අවිය අර්ධ සන්නායක ස්විච හරහා ඉතාමත් නිවැරදි  කාල පරාසයන් තුළ දඟර සක්රීය කිරීමෙන් ක්‍රියාත්මක කරවයි. එමඟින් වානේ උණ්ඩයක් කිසිදු දහනයකින් හෝ වෙඩි බෙහෙත් භාවිතයකින් , ස්පර්ශයකින් තොරව නැනෝ තත්පර ගණනක වේගයකින් ඉදිරියට ඇදී යයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ වෙඩි තැබීමේදී ශබ්දයක් හෝ ගිනි පුපුරක් පිට නොවීමයි, එම නිසා රහසිගත මෙහෙයුමකට වුවද මෙම අවිය භාවිත කළ හැකිය.
Share This