ගල්අඟුරු ප්‍රමිතියෙන් තොරයි – අමාත්‍ය නලින්ද ජයතිස්ස

ආයනය කළ ගල්අඟුරු නැව් දහයෙන් නැව් 08ක ගල් අඟුරු තොග මේ වනවිට ගොඩබා ඇති බව කැබිනට් මාධ්ය ප්රකාශක අමාත්ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. අද (24) පස්වරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේ දී අමාත්යවරයා මේ බව පැවසුවා. එලෙස ගොඩබෑ ගල්අඟුරු නැව් 8න් නැව් 06ක වාර්තා මේ වනවිට ලැබී ඇති බව අමාත්යවරයා සඳහන් කළා. අදාළ නැව් හයේ තිබූ ගල්අඟුරු නියමිත ප්රමිතියෙන් තොරවීම හේතුවෙන් දඩ අයකර ගැනීමට කටයුතු කර ඇති බව ඔහු කියා සිටියා. ඒ අනුව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, පළමු නැවෙන් ඩොලර් මිලියන 2.07ක දඩමුදලක් අයකරගෙන ඇති අතර, දෙවන නැවෙන් ඩොලර් 403,601ක්, තුන්වන නැවෙන් ඩොලර් 484,929ක්, හතරවන නැවෙන් ඩොලර් 345,652ක්, පස්වන නැවෙන් ඩොලර් 500,192ක් සහ හයවන නැවෙන් ඩොලර් 510,677ක් ලෙස දඩ අයකරගෙන ඇති බවයි.

Share This