කොස් ගහට අලුත් පෙනුමක්

‘Clean Sri Lanka’ වැඩසටහන යටතේ මාතලේ, මඩවල , උල්පත දිඹල්ගමුවේ ‘කොස් නැවතුම්පල’ Dimbullgamuwa Jack & Chill” නමින නව මුහුණුවරකින් ජනතා අයිතියට පැවරීම පසුගියදා සිදු කෙරිණ.යටතේ ලක්ෂ 96ක මූල්‍ය ප්‍රතිපාදන වැය කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි.

​දීර්ඝ කාලයක සිට ඒ-9 ප්‍රධාන මාර්ගය අසල අවිධිමත් ලෙස පවත්වාගෙන ගිය දිඹුල්ගමුව ‘කොස් නැවතුම්පල’ වඩාත් විධිමත් හා සෞඛ්‍යාරක්ෂිත ලෙස සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි.

ඒ අනුව, නවීන පහසුකම්වලින් සමන්විත වෙළෙඳ කුටි 21ක් මෙහිදී අදාළ වෙළෙඳ ප්‍රජාව වෙත නිල වශයෙන් භාර දීම සිදු විය. “Clean Sri Lanka” සංකල්පයට අනුව මෙම පරිශ්‍රය ඉතාමත් පිරිසිදු හා ක්‍රමවත් ලෙස නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.
​මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල, පල්ලේපොල ප්‍රාදේශීය සභා සභාපති ඩී.බී. කොස්වත්ත යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ. එසේම මාතලේ දිසාපති ප්‍රසන්න මදනායක මහතා, පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් චාන්දනී ඒකනායක මෙනවිය, මාතලේ ප්‍රාදේශීය ලේකම් හර්ෂ සේනාධීර මහතා සහ දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ අනුරුද්ධ බණ්ඩාර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share This