කරාපිටියේ වෛද්‍යවරුන්ට තර්ජනය කළ වෛද්‍යවරයාව මාරු කරයි: ඉදිරි විනය කටයුතුවලට යටත්ව

කරාපිටියේ වෛද්‍යවරුන්ට තර්ජනය කළ වෛද්‍යවරයාව මාරු කරයි: ඉදිරි විනය කටයුතුවලට යටත්ව

ගාල්ල කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන්ගේ වර්ජනයට තුඩු දුන් රෝහලේ පිළිකා ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි මහරගම අපේක්ෂා රෝහල වෙත ස්ථාන මාරු කර යවා තිබෙනවා.

ඉදිරි විනය කටයුතුවලට යටත්ව සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුවේ ආවරණ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරු නියෝගය ලබා දී ඇති බවයි කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ එස්.ඩී.යූ.එම්. රංග මහතා විසින් ලිපියක් මගින් දැනුම්දී ඇත්තේ.

අදාළ පිළිකා ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් අද (05) පෙරවරු 8 සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වූ අතර වෛද්‍යවරයාව මහරගම අපේක්ෂා රෝහලට මාරුකර යැවීම සඳහා බලධාරීන් ක්‍රියාකිරීම හේතුවෙන් වැඩවර්ජනය අවසන් කර තිබුණා.

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුට මෙම වෛද්‍යවරයා විසින් තර්ජනය කිරීමට විරෝධය දක්වමින් ඔවුන් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවා.

Share This