ඔබට ඇතිවන කලකිරීම, වේදනාව සහ කෝපය මට හොඳින් තේරෙනවා

“මේ ලෝක කුසලාන තරගාවලියේ අපේ ගමන අවසන් වූ ආකාරය ගැන ඔබලා වගේම මටත් දුකක්, කලකිරීමක් තියෙනවා. කණ්ඩායමක් ලෙස අපි මේ තරගාවලියට ආවේ විශාල විශ්වාසයකින්, පැහැදිලි සැලසුම් සමග, ඉහළ බලාපොරොත්තු තබාගෙනයි. එංගලන්තයට එරෙහි තරගාවලිය පරාජය වීම වගේ, අභියෝග තිබුණන්, සත්කාරක රටක් ලෙස අපට තරගාවලියේ ඉදිරියට යාමට හැකි බව මට විශ්වාසයක් තිබුණා.
මටත්, කණ්ඩායමටත් එරෙහිව
මම ඉතාමත් නිහතමානීව ඉල්ලා සිටින්නේ, ශ්රී ලංකා ක්රිකට් හෝ මේ පද්ධනිය තුළ මහන්සි වෙමින් ඉදිරියට යන්න උත්සාහ කරන ක්රීඩකයන් අත්නොහරින්න ලෙසයි. මිලියන ගණනක බලාපොරොත්තු තමන්ගේ උරහිස මන තියෙන බව දැනගෙනත්, පරාජය වීම කවදාවන් ලේසි නැහැ. ඔබලා දක්වන විවේචන මම පිළිගන්නවා. ඒවා සියල්ලම ඔබ දක්වන්නේ ක්රීඩාවටත්, රටටත් තිබෙන ආදරය නිසා බව මම දන්නවා. තත්ත්වය කුමක් වුවත්, මම මගේ හැමදේම ඉදිරියටන් ක්රීඩාව වෙනුවෙන් ලබාදෙනවා.
මම හැමදාම මේ ක්රීඩාව, ක්රීඩාකළේ එකම අරමුණක් ඇතිවයි. ඒ, ශ්රී ලංකාව වෙනුවෙන්.
ඔබට ලැබිය යුතු ප්රතිඵලය අපට ලබාදීමට නොහැකි වීම ගැන මම කණගාටු වෙනවා!
අපි වෙනුවෙන් පෙනීසිටිමින්,
අපට සහය දුන් ඔබ සැමට ස්තූතියි…!
· දසුන් ශානක”
Share This