ඊශ්‍රායලයේ ප්‍රහාරවලින් ලෙබනනයේ 400කට ආසන්න ගණනක් මියගිහින්

විදෙස් මාධ්‍ය වාර්තා පවසන පරිදි, ඊශ්‍රායලය සිදුකළ ප්‍රහාර මාලාවකින් ලෙබනනයේ පුද්ගලයින් 394ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක් දක්වමින් එම මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, මියගිය අය අතර කුඩා දරුවන් 83 දෙනෙක් සහ කාන්තාවන් 42 දෙනෙක් ද වන බවය.

එමෙන්ම, සිදුවූ අනතුරු වලින් පසු ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා සහභාගී වූ නිලධාරීන් නව දෙනෙකු ද මියගොස් ඇති බවට වාර්තා වේ.

Share This