ඇමතිටත් නියෝජ්‍ය ඇමතිටත් ජීවිත තර්ජන
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සහ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලට ජීවිත තර්ජන ඇතිබවට අවිස්සාවේල්ල ප්රදේශයෙන් බුද්ධි තොරතුරක් ලැබුණු බව පොලිස් මාධ්‍ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරී ඒෆ්. යූ. වුට්ලර් සදහන් කළේය. ලැබුණු බුද්ධි තොරතුරට අනුව කොළඹ අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ෂණ ආරම්භ කර ඇති බව සදහන්.
