ඇන්ටාක්ටික් ගැඹුරු මුහුදෙන් මෝරෙක් මතුවෙයි
දුරස්ථව පාලනය කළ හැකි කැමරාවක් (ROV) භාවිතයෙන් සිදු කල පටිගත කිරීමකදී මුහුදු පර්යේෂණ මධ්‍යස්ථානයේ (UWA) විද්‍යාඥයින් විසින් ඇන්ටාක්ටික් මුහුදු කලාපයේදී මීටර් 490ක පමණ ගැඹුරකදී මීටර් තුනක් හෝ හතරක් දිගින් යුක්ත මෝරකුගේ දර්ශන ඇතුළත් ප්‍රථම වීඩියෝ වාර්තා කර ඇත. මෙය රූගත කර ඇත්තේ ඇන්ටාක්ටික් අර්ධද්වීපයට ඒපිටින් පිහිටි සවුත් ෂෙට්ලන්ඩ් දූපත් (South Shetland Islands) අසල, ඒ් මෝරා පිහිනමින් සිට ඇත්තේ
සෙල්සියස් අංශක 1.27ක තරම් ඉතා අඩු (හිමාංකයට මඳක් වැඩි) උෂ්ණත්වයක් සහිත ජලයේය.
සෙල්සියස් අංශක 1.27ක තරම් ඉතා අඩු (හිමාංකයට මඳක් වැඩි) උෂ්ණත්වයක් සහිත ජලයේය.“අපි එතැනට ගියේ මෝරුන් දැකීමේ බලාපොරොත්තුවකින් නෙවෙයි, එය ඇත්තෙන්ම යෝධ මෝරෙක්,” යැයි මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ඇලන් ජේමියන්සන් පවසා ඇත.
මෙම සොයා ගැනීම ධ්‍රැවීය සාගර පරිසර පද්ධති පිළිබඳ මෙතෙක් පැවති අවබෝධය වෙනස් කිරීමට සමත්ව ඇත.
