ආධාර මුදලට විද්ද හිටපු සමාජසේවා නිලධාරියා කොටු
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් හිටපු සමාජ සේවා නිලධාරියකු අත්අඩංගුවට ගෙන ඇත. ඒ් ආබාධ සහිත දරුවන් සඳහා එක් වතාවක් පමණක් ලබාදෙන රුපියල් 10,000ක අධ්‍යාපන ආධාර මුදල දරුවන් දෙදෙනෙකුගේ නමින් තමා වෙත ලබා ගෙන එය තම පුද්ගලික පරිහරණයට යොදා ගැනීමේ චෝදනාව මතයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හිටපු සමාජ සේවා නිලධාරියෙකි. ඉතා සූක්ෂම ලෙස මෙම වංචාව කර ඇති අතර ජාතික මහලේකම් කාර්යාලය මගින් ආබාධ සහිත තැනැත්තන් සඳහා වු අරමුදල් යටතේ දරුවෙකු සඳහා එක් වතාවක් පමණක් ලබාදෙන එකී මුදල් සැකකාර සමාජ සේවා නිලධාරියා විසින් ලබාගෙන ඔහුගේ පුද්ගලික පරිහරණයට යොදා ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙ
ත ඉදිරිපත් කිරීමට නියමිතය.
