අල්ලස් කොමිසම බරටම වැඩ – 214ක් අත්අඩංගුවට,15 ක් දේශපාලනඥයින්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පසුගිය වසර තුළ සිදුකළ වැටලීම් සහ පැමිණිලි විමර්ශන තුළින් දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු 214ක් අත්අඩංගුවට ගෙන තිබේ.
හිටපු අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්කුවැල්ල, එස්.එම්.චන්ද්‍රසේන, ප්‍රසන්න රණතුංග, චාමර සම්පත් දසනායක ඇතුළු 15 ක් මෙලෙස අත්අඩංගුවට ගත් දේශපාලනඥයින් අතර සිටී.
හිටපු කොමසාරිස් ජනරාල්වරයෙක්, සේවය කරමින් සිටි නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් ඇතුළු මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 10ක්ද අත්අඩංගුවට ගත් රාජ්‍ය නිලධාරීන් අතර සිටී.
අත්අඩංගුවට ගත් රාජ්‍ය සේවකයින් ගෙන් වැඩිම පිරිසක් නියෝජනය වන්නේ පොලිස් දෙපාර්තමේන්තුව වන අතර එය සංඛ්‍යාත්මකව 33කි.
අධිකරණ අමාත්‍යාංශය යටතේ සේවය කරන ලද නිලධාරීන් 14 දෙනෙකුද අත්අඩංගුවට ගත් රාජ්‍ය සේවකයින් අතරවේ.
සිදු කරන ලද විමර්ශනවලින් අනතුරුව 153 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව යටතේ පවරන ලද නඩු විභාගවලින් 2025 වසරේදී 36 දෙනෙකු වරදකරුවන්ව දඬුවම් ලබා ඇත.
මෙම තොරතුරු ඇතුළත් වන්නේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ 2025 වසරේ ප්‍රගති සමාලෝචන වාර්තාවේය.
