අකුරේගොඩ නීතිඥ -බිරිද ඝාතනයේ දෙවන වෙඩික්කරුත් අල්ලයි
අකුරේගොඩ ප්රදේශයේ සිදුවූ ද්විත්ව ඝාතන සිද්ධියට සම්බන්ධ දෙවන වෙඩික්කරු ලෙස සැකකෙරෙන පුද්ගලයෙකු මොනරාගල, හුළංදාව ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
මොනරාගල පොලීසිය විසින් සිදුකළ විශේෂ විමර්ශන මෙහෙයුමක ප්රතිඵලයක් ලෙස මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
දැනට ඔහු පොලීසියේ රඳවාගෙන වැඩිදුර ප්රශ්න කිරීම් සිදුකරමින් පවතින අතර, සිද්ධියට සෘජුව සම්බන්ධතාවය තහවුරු කිරීම සඳහා තවදුරටත් විමර්ශන ක්රියාත්මක වේ.
මූලික තොරතුරු අනුව, මුහුණු හඳුනාගැනීමේ අවේක්ෂණ පද්ධතිය භාවිතා කරමින් ඔහු එම ඝාතන සිද්ධියේ දෙවන වෙඩික්කරුද යන්න පිළිබඳව සොයාබැලීම සිදුකරන බව වාර්තා වේ.
