ඔස්ට්‍රේලියාව වයස අවුරුදු 16ට අඩු අයට Youtube භාවිතය සීමා කරයි

ඔස්ට්‍රේලියාව වයස අවුරුදු 16ට අඩු අයට Youtube භාවිතය සීමා කරයි

වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා Youtube සමාජ මාධ්‍ය භාවිතයේදී තහංචි පැනවීමට ඔස්ට්‍රේලියාව පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඒ අනුව ඔවුන්ට Youtubeහි වීඩියෝ නැරඹීමට හැකි වන නමුත් අන්තර්ගතය උඩුගත කිරීමට හෝ එහි අන්තර් ක්‍රියා කිරීමට අවශ්‍ය ගිණුමක් පවත්වා ගැනීමට අවසර නොලැබෙනු ඇත.

එමෙන්ම TikTok, Instagram, Facebook, X සහ Snapchat භාවිතය ද සීමා වනු ඇති බවට තොරතුරු වාර්තා වේ.

එය මේ වසරේ දෙසැම්බර් මාසයේ සිටි ක්‍රියාත්මක වනු ඇති බව වැඩිදුරටත් සඳහන්ය.

Share This