PTA යටතේ අත්අඩංගුවට ගත් තරුණයාට ඇප

ඊශ්‍රායල විරෝධි ස්ටිකරයක් ඇලවීමේ චෝදනා මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දින 90ක රැදවුම් නියෝග ලැබ සිටි 22 හැවිරිදි මොහොමඩ් රුස්ඩි කොන්දේසි සහිත ඇප මත මුදාහැර ඇත.
ඒ, ඔහු අද (07) අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
තමන් සේවය කළ කොළඹ පිහිටි සුපිරි වෙළඳ මධ්‍යස්ථානයට ස්ටිකරයක් ඇලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු පසුගිය 22 වැනිදා අත්අඩංගුවට පත් විය.