Update: යෝෂිත රාජපක්ෂ CIDයෙන් පිටව යයි

Update: යෝෂිත රාජපක්ෂ CIDයෙන් පිටව යයි

Update : පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (3) පෙරවරුවේ පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඉන් පිටව ගොස් තිබෙනවා.

කතරගම පිහිටි රජයේ ඉඩමක හිමිකාරීත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබූවා.
——————————————————-

යෝෂිත රාජපක්ෂ CIDයට එයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

ඒ කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද දිනයේ පෙනී සිටින ලෙසට එම දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමකට අනුවයි.

එම ඉඩම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හිටපු ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන මේජර් නෙවිල් වන්නිආරච්චිගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය සිකුරාදා පැය 04ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබා ගෙන තිබුණා.

Share This