පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් රීට් පෙත්සමක්

තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
එමඟින් ඔහු ඉල්ලා ඇත්තේ, මාතර මහෙස්ත්රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි.
2023 වසරේ මාතර වැලිගම ඩබ්ලිව්. 15 හෝටලය වෙත වෙඩි ප්රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගන්න ලෙස මෙම නියෝගය නිකුත් කෙරුණා.