හිමාල කඳු වැටියේ හිම කඳු කඩා වැටී කම්කරුවන් අනතුරේ

හිමාල කඳු වැටියේ හිම කඳු කඩා වැටී කම්කරුවන් අනතුරේ

ඉන්දියාවේ උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ හිමාල කඳුවැටියේ ඇති වූ හිම කඳු කඩාවැටීමෙන් යටවුණු ඉදිකිරීම් කම්කරුවන් පිරිසක් ලෝහ බහාලුම්වලින් පණපිටින් පිටතට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම හිම කඳු කඩා වැටී ඇත්තේ මානා ගම්මානය අසල ඉදිකිරීම් කඳවුරකටය. අනතුරෙන් කම්කරුවන් 54 දෙනෙකු හිමවලට වැළලී ගොස් ඇති අතර අට දෙනෙකු මියගොස් තිබේ.

ඉතා අඩු උෂ්ණත්වයකදී පැය 60 කට ආසන්න කාලයක් පුරා සිදුකළ මෙහෙයුමකදී අනෙක් 46 දෙනා බේරා ගෙන ඇත.

බේරාගත් සේවකයින්ගෙන් බොහෝ දෙනෙක් ප්‍රාන්තයේ ජෝෂිමත් නගරයේ සහ රිෂිකේෂ් නගරයේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව බලධාරීහු පවසති.

සාමාන්‍යයෙන් ශීත ඍතුවේ දී හිමාල කඳුවැටියේ ඉහළ ප්‍රදේශවල හිම කඳු කඩා වැටීම් සහ නායයෑම් බහුලව දක්නට ලැබේ. මේවන විට ඉන්දියාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අඟහරුවාදා දක්වා හිමාචල් ප්‍රදේශ් සහ උත්තරාකන්ඩ් යන උතුරු ප්‍රාන්තවල මෙන්ම ජම්මු සහ කාශ්මීරයේ වැසි සහ හිම පතනය පිළිබඳ අනතුරු අඟවා තිබේ.

සඳුනි තිලකරත්න

Share This